Arts Network Asia (ආර්ට්ස් නෙට් වර්ක් ඒෂියා) ANA
ව්‍යාපෘති ප්‍රතිපාදන 2012 සඳහා අයදුම් පත් කැඳවීම


Arts Network Asia (ANA) ප්‍රතිපාදන යෝජනා ක්‍රමය 2012 සඳහා අයදුම් කරන මෙන් ආසියානු කලාකරුවන්ටත්, සංස්කෘතික ක්‍රියාකාරීන්ටත්, ආසියාවේ කලා සමාජ හා සංවිධානයන්ටත් ආර්ට්ස් නෙට් වර්ක් ඒෂියා (ANA) ඇරයුම් කර සිටියි.


ආසියාවේ පදිංචි, ආසියානු කලාකරුවන් විසින් කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා ද, ආසියාවේ ක්‍රියාත්මක කිරීම උදෙසා ආසියානු කලාකරුවන් හා කලා සංසද සහභාගීත්වයෙන් කරනු ලබන ව්‍යාපෘති සඳහා ද,අග්නිදිග ආසියාව කේන්ද්‍ර කොට ගත් ව්‍යාපෘති සඳහා ද ANA සිය මූල්‍යාධාර සපයයි. තවද, එය ආසියාවේ විවිධ ජන කොටස් තුළත්, ඒවා එකිනෙක අතරත් සහයෝගීතාව සහ අන්‍යොන්‍ය ක්‍රියාකාරකම් වැඩි දියුණු කරන අන්දමේ ව්‍යාපෘති ද සළකා බලයි.

නොයෙකුත් සම්ප්‍රදායයන් ඇසුරු කොට ගත් ආසියාවේ අද්‍යතන අත්දැකීම් කෙරෙහි ANA දක්වන්නේ දැඩි සැළකිල්ලකි. එබැවින් නාගරික භාවිතාවන්, අද්‍යතන කලා, සම්ප්‍රදායික කලාවන් හා අද්‍යතන කලාවන් අතර සම්බන්ධතාව මෙන් ම, සම්ප්‍රදායික කලාවන් අතර සංසදයන්ද මීට ඇතුළත් ය.

ආසියානු රටවල් වල විවිධ සංස්කෘතීන් අතර සම්බන්ධතා සහ හුවමාරුව අපේක්ෂා කරන ANA, ස්ථානීය, ප්‍රාදේශීය සහ ගෝලීය අනුපූරණයක් සඳහා ඇති හැකියාවද සළකා බලයි./SPAN>

ප්‍රතිපාදන ප්‍රදානය කිරීම සඳහා සුදුසු ව්‍යාපෘති තෝරා ගැනීමේ දී පහත නිර්ණායක භාවිතා කෙරෙනු ඇත:


තෝරා ගනු ලබන එක් එක් ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් 1500 ත් 7500 ත් අතර ප්‍රතිපාදන ලබාදෙන අතර, එය දැනට පවතින මෙන් ම නව ව්‍යාපෘති සඳහා ද විවෘත ය. ANA විසින් මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබූ පසුගිය ව්‍යාපෘති පිළිබඳ ව කෙරෙන පසු විපරම් අධ්‍යයනයන් සඳහා වන යෝජනා ද සළකා බැලෙනු ඇත.

ව්‍යාපෘති යෝජනා භාර දීමේ දී වැදගත් වන පරිපාටිය

තනි ඒ4 (A4) පිටුවක ලියන ලද යෝජනාව වචන දෙසියයක ජීව දත්ත සටහනකුත් සමඟ පී ඩී එෆ් (pdf) ආකෘතියට සකස් කොට ANA වෙබ් අඩවිය (www.artsnetworkasia.org) ඔස්සේ නොවැම්බර් 30 සිට දෙසැම්බර් 31 ට පෙර දිනයකදී භාර දිය යුතුය.

මෙය ඉංගිරිසි භාෂාවෙන් හෝ ඉන්දුනීසියානු, ජපන්, ක්ර්ම (කාම්බෝජ), කොරියන්, ලාඕ, මැන්ඩරින් (චීන), සිංහල, දෙමළ, තායි හෝ වියට්නාම යන භාෂා අතරින් ඔබ කැමති භාෂාවකින් ඉදිරිපත් කළ හැකිය. තනි ඒ4 (A4) පිටුවේ ලියන ලද යෝජනාව, ව්‍යාපෘතියේ අන්තර්ගතය, දර්ශනය සහ අරමුණ පිළිබඳ ව සවිස්තරාත්මක විය යුතුය. එක් අයදුම් කරුවකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අයදුම් පත්‍රයක් පමණි.


අන්තර්ජාලය හා සම්බන්ධ වී අයදුම් පත්‍රය භාර දීමේදී යම් ගැටලුවක් පැන නැගුණහොත් හෝ ඔබේ නගරයේ ඇති යම් අපහසුතාවයක් හේතුවෙන් ඔබට අන්තර්ජාලය හා සම්බන්ධ ව අයදුම් පත්‍රය භාර දීමට නොහැකි නම් ana.directory@gmail.com වෙත එය දැනුම් දෙන්න. නැතහොත්, +65-6737-7013.ට ෆැක්ස් කරන්න.

සිය අරමුණු හා නිර්ණායක වලට අනුකූලව යෝජනා ඉදිරිපත් කර ඇති සියලුම දෙනාට සම්පූර්ණ ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන මෙන් ANA විසින් දැනුම් දෙනු ඇත. ව්‍යාපෘතියේ සවිස්තරාත්මක අය වැය ඇතුළත් සම්පූර්ණ ව්‍යාපෘති යෝජනා 2012 පෙබරවාරි 29 හෝ ඊට පෙර භාර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජයග්‍රහණය කරන ඉල්ලුම් කරුවන්ට ඒ බැව් 2012 මාර්තු 31 වන විට දැනුම් දෙනු ලැබේ.

ANA මඟින් ප්‍රතිපාදන සපයන ලද පසුගිය ව්‍යාපෘති පිළිබඳ තොරතුරු එහි වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. ආශ්‍රිත තොරතුරු සපයා ගැනීම සඳහා ඒවා පරිශීලනය කළ හැකිය.

ආසියාව තුළ ජාල ක්‍රියාකාරීත්වය දිරි ගැන්වීම උදෙසා අයදුම් පත්‍ර භාර ගැනීමෙන් පසු ANA විසින් අයදුම් කරුවන් (කේවල හෙවත් තනි පුද්ගල, කණ්ඩායම් / සංවිධාන) සහ ඔවුන් හා සම්බන්ධ විය හැකි තොරතුරු (විද්‍යුත් ලිපින, වෙබ් අඩවි, ලිපින, දුර කථන සහ ෆැක්ස් අංක) මෙන්ම ඔවුන් පිළිබඳ කෙටි විස්තරයක් ද ජාල වෙබ් අඩවියට ඇතුළත් කෙරෙනු ඇත.

ඔබේ රටෙහි ANA සම මණ්ඩල සභිකයෝ වෙසෙත් නම් ඔවුන්ගෙන් ද ඔබට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශකත්වය ලබා ගත හැකිය. සම මණ්ඩල සභිකයන් ගේ නම් සහ ඔවුන් සම්බන්ධ කරගත හැකි තොරතුරු, ජාල වෙබ් අඩවියේ දක්වා ඇත. වැඩිදුර විස්තර සඳහා ANA අධ්‍යක්ෂ ටේ ටොං (ෆැක්ස් අංක +65 – 6737 – 7013 ඔස්සේ හෝ විද්‍යුත් ලිපින taytong@theatreworks.org.sg අමතන්න.

 

1999 දී ආරම්භක ඔං කෙං සෙන් විසින් සහ සිංගප්පූරුවේ තියෙටර්වර්ක්ස් විසින් පිහිටුවන ලද ආර්ට්ස් නෙට් වර්ක් ඒෂියා (ANA) වනාහි ආසියාතික ස්වාධීන කලා කරුවන්, සංස්කෘතික හා අනෙකුත් කලා ක්‍රියාකාරීන් ගේ කලාපීය ජාලයකි. එසේම බහු විධ ක්ෂෙත්‍රයන් ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රතිපාදන ආයතනයක් වන ANA, කලාපීය කලා සහයෝගීතාවට සහ අදහස් හුවමාරුවට දිරි දෙන අතරම, ආසියාවේ කළමනාකරණ සහ පරිපාලන කටයුතු පිළිබඳ හැකියාවන් දියුණු කිරීමට ද කැපවී ක්‍රියා කරයි. අරුත්බර සහයෝගීතාවක දැක්මෙන් පොළඹවනු ලැබූ ආට්ස් නෙට් වර්ක් ඒෂියා, ආසියාවේ ඇරඹී, ආසියානු කලාකරුවන් විසින් රැකගෙන ඉදිරියට ගෙන යනු ලබන අන්‍යොන්‍ය ගරුත්වය නිසා කැපී පෙනේ. එය භාෂා එකොළොසකින් සිය කටයුතු මෙහෙයවයි.

සිය වාර්ෂික ව්‍යාපෘති ප්‍රතිපාදන ඔස්සේ ආසියාතික කලාපීය කලා සහයෝගීතාවට සහ අදහස් හුවමාරුවට දිරි දෙන ANA හි තීරණ ගනු ලබන්නේ ආසියාව මුළුල්ලේ විවිධ කලා ක්ෂෙත්‍රයන් හි කටයුතු කරන සාමාජිකයන් නව දෙනකු ගෙන් යුත් සම මණඩලයක් විසිනි. මේ හැර ප්‍රාදේශීය සහ කලාපීය ප්‍රජා අතර සහයෝගිතා, පර්යේෂණ, ජාල ක්‍රියාකාරකම් සහ අදහස් හුවමාරුව වැඩි දියුණු කිරීමේ අරමුණින් ANA මගින් දේශාන්තර චාරිකා සඳහා ප්‍රතිපාදන පිරිනැමීම ද සිදු කෙරේ. මෙම ප්‍රතිපාදන මූලික වශයෙන් ලබා දෙන්නේ ආසියාව තුළ සංචාරය කරන ආසියාතික කලා කරුවන් හා සංස්කෘතික ක්‍රියාකාරීන්ට ය. මේ සඳහා වසර මුළුල්ලේ ම අයදුම් කළ හැකිය.

ෆෝඩ් පදනම ANA සඳහා අනුග්‍රහය දක්වයි.

වැඩිදුර විතර සඳහා වෙත පිවිසෙන්න.